අමල් සහ නදීමාල්ගේ ගීත ඩුබායි පොලීසියේ වාදනය කෙරේ

Tuesday, 12 February 2019 - 12:03

%E0%B6%85%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%AD+%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා  සම්බන්ධයෙන් නීතිඥයන් අද ප්‍රථමවරට එරට පොලීසියට කරුණු වාර්තා කර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ඩුබායි රාජ්‍ය වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුතු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ගායකයන් බවට තහවුරු කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.

 ඒ සඳහා ඔවුන් දෙදෙනා ගායනා කළ, අන්තර්ජාලයට එක්කොට ඇති ගීත ඩුබායි පොලිස් බලධාරීන්ට ශ්‍රවණය කිරීමට සැලැස්වූ බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ.

එමෙන්ම අමල් පෙරේරාගේ පුත්, නදීමාල් පෙරේරා කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිත කර නොතිබූ බවට ද ඩුබායි පොලීසිය තහවුරු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories