දෙහිඅත්තකණ්ඩියේදී පාසල් සිසුවෙකුට පහරදුන් සිවිල් ආරක්ෂක සෙබලා අල්ලයි

Thursday, 14 February 2019 - 12:36

%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අම්පාර - දෙහිඅත්තකණ්ඩිය - සූරියපොකුණ විද්‍යාලයේ සිසුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ දෙහිඅත්තකණ්ඩිය - සූරියපොකුණ කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 11 වනදා සූරියපොකුණ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා.

ඉන් එක් සිසුවෙකු මෙම සිවිල් ආරක්ෂක සෙබළාගේ පුත්‍රයා වනවා.

පසුව මෙම සිසුවා ඒ සම්බන්ධයෙන් සිය පියාට දැනුම් දී ඇති අතර ඒ අනුවයි අදාල සෙබලා අනෙක් සිසුවාට පහර දී ඇත්තේ.

තුවාල ලැබූ සිසුවා මේ වනවිටත් දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories