බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති අනතුරට ලක් කළ ඩිෆෙන්ඩර් රථය සොයා ගැනේ

Sunday, 24 February 2019 - 13:43

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A9%E0%B7%92%E0%B7%86%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා ගිය සුදු පැහැති ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල - පැලවත්ත - පැගෝඩා ගාර්ඩ්න් හි නිවසක තිබියදී සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ WP- FZ -9143 දරණ අදාළ ඩිෆෙන්ඩර් රථය එම ලිපිනයේ අංක 727 දරණ නිවසේ තිබී අද දහවල් සොයා ගත් බවයි.

බම්බලපිටිය - ගාලූපාරේ, ඩුප්ලිකේෂන් - බුලර්ස් පාර මංසන්ධියේදී රාජකාරී කටයුත්තක් සඳහා අද අලූයම යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරියා අනතුරට ලක් කොට මෙම ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබුණා.

සිද්ධියෙන් තුවාල ලැබූ බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේදී සැත්කමකට භාජනය කෙරුණු අතර, ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.




rnrnrn


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories