බොරැල්ලේ ට්‍රැෆික් OIC යට කළැයි පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට

Monday, 25 February 2019 - 7:28

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B7%8A++OIC+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයා සිද්ධිය වන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය ධාවනය කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල - පැලවත්ත - පැගෝඩා ගාර්ඩ්න් හි අංක 727 දරණ නිවසෙහි  තිබියදී සොයා ගත්තේ ඊයේ (24) දහවල් කාලයේයි.

බම්බලපිටිය ප්‍රදේශයේදී රාජකාරී කටයුත්තක් සඳහා ඊයේ අලුයම යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කොට මෙම ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබුණා.

මේ අතර, අනතුරෙන් තුවාල ලැබූ බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා තවමත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.











Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories