බොරැල්ලේ ට්‍රැෆික් ඕ. අයි. සී. යට කර පලායාමේ සිද්ධියට 8 දෙනෙකු අත්අඩංගුවට - මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් ඒ අතර

Monday, 25 February 2019 - 11:00

%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B7%86%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%95.+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B7%83%E0%B7%93.+%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB
බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගේ පුත්‍රයා ඇතුලු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාත්‍රී සමාජශාලාවකට ගොස් නැවත යමින් සිටියදී මෙම අනතුර සිදුකර ඇති අතර, එම අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා ද අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථයේ සිට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.

ඊයේ අලූයම 4.35 ට පමණ බම්බලපිටිය - ඩුප්ලි - බුලර්ස් මංසන්ධියේදී බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙලෙස අනතුරට ලක්වුණේ රාජකාරි කටයුත්තක් සඳහා සිය යතුරුපැදියෙන් යමින් සිටියදියි.

අනතුර සිදුකිරීමෙන් පසු පලාගිය ඩිෆෙන්ඩර් රථය පසුව බත්තරමුල්ල - පැලවත්ත - පැගෝඩා ගාඩ්න් හි නිවසක තිබී ඊයේ දහවල් සොයාගැනුනු අතර, එහි හිමිකරු කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි විසිත ශ්‍රී විෙජ්සේකර නැමති 27 හැවිරිදි තරුණයෙකු බවටයි හෙළිවුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ එම වයසේම පසුවන නවිඳු ඔමේෂ් රත්නායක නැමති ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු බවට අනාවරණය වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ හිමිකරු රියදුරු අසුනට යාබද අසුනේ සිට ඇති අතර, රථයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගේ පුත්‍රයා සහ තවත් දෙදෙනෙකු ද සිට ඇති බවටයි හෙළිව ඇත්තේ.

සීසීටීවී දර්ශණවලට අනුව අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථය සමඟ පසුපසින් පැමිණි ප්‍රාඩෝ රථයේ හිමිකරු සහ එහි ගමන් තවත් දෙදෙනෙකුද අද උදෑසන බම්බලපිටිය පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුනා.

එම රථයේ හිමිකරු වන එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රී දුමින්ද ආටිගල එය පදවා ඇති බවටයි පසුව හෙළිවුණේ.

අනතුර සිදුවන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනාම බීමතින් සිට ඇති බවට හෙළිව ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන උසස් පොලිස් නිලධාරියා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් කියා සිටියේ.

සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අනතුරෙන් බරපතල තුවාල ලැබූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

තිදරු පියෙකු වන ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories