අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි, අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Monday, 25 February 2019 - 18:02

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%85%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
2008 - 2009 වකවානුවේදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් කරන්නාගොඩ 14 වන සැකකරු ලෙස නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමට ද නියෝග කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත වැඩිදුරටත් දැනුම් දී තිබුණේ හිටපු නාවික හමුදාපති, විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට එරෙහිව තරුණයන් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම පිළිබදව පසුගිය වසරේ දෙසැම්බරයේදී දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේණරත්න රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව ඔහු ඇප මත මුදාහැරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories