ඕමානයේ රිය අනතුරකින් ශ්‍රී ලාංකික මවක් සහ දියණියන් දෙදෙනා මරුට

Tuesday, 26 February 2019 - 6:52

%E0%B6%95%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඕමානයේ ජබෙල් - අක්දාර් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික මවක්, ඇගේ දියණියන් දෙදෙනෙකු සහ තවත් දරුවෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබදව එරට ශ්‍රී ලාංකික ජන කොටස දැඩි කම්පනයට පත්ව සිටින බව ඕමාන පුවත්පත් වාර්තා කළා.

පසුගිය සෙනසුරාදා සිදුවූ මෙම රිය අනතුරෙන් මිය ගොස් ඇත්තේ සති අන්තයේ චාරිකාවක නිරත වූ පවුලක සාමාජිකයින් පිරිසක්.

පියා විසින් රථය පදවා ඇති අතර, ඔහුට එය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යමෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි  ඕමාන පුවත්පත් වාර්තා කළේ.

එහිදී ඔහුගේ බිරිඳ සහ 9 හැවිරිදි සහ 14 හැවිරිදි දියණියන් දෙදෙනා මෙන්ම රථයේ ගමන් ගත් 6 හැවිරිදි තවත් ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තුවාල ලැබූ රථය පැදවූ පුද්ගලයා මෙන්ම තවත් ළමයින් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ රථයේ තිරිංග පද්ධතියේ දෝෂයක් අනතුරට හේතුව බවයි.

අනතුරට මුහුණ දුන් ළමයින් සියළු දෙනා ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා පාසලේ ඉගෙනුම ලබමින් සිටි අය අතර වන අතර ඔවුන් වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ඊයේ දිනයේ පාසල වසා තැබීමට කටයුතු කළ බව එහි විදුහල්පතිනී නිර්මලා ලියනගේ සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories