IMF ණය වැඩසටහන වසරකින් දිගුවෙයි - 6 වන වාරිකයත් නිදහස් කෙරේ

Friday, 01 March 2019 - 9:23

IMF+%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-++6+%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 1.5 ක ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට එකඟත්වය පළ කර තිබෙනවා.

ණය වැඩසටහන වසර 3 ක කාලයක් සඳහා ලබාදී තිබූ අතර, ඒ අනුව එය වසර 4 ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇති.

ඒ සඳහා කාර්ය මණ්ඩල මට්ටමෙන් එකඟත්වයක් ඇතිවූ අතර, ඒ අනුව ණය මුදලේ 6වන වාරිකය මුදාහැරීමටද මූල්‍ය අරමුදල කටයුතු කරනු ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කළේ.

මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් සහතිකයක් ලබාගැනීම ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

විශේෂයෙන් ඉදිරි සතියේ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ජාත්‍යන්තර වෙළඳපොලට ඉදිරිපත් කරන බැවින් ඒ සඳහා ගැනුම්කරුවන් ආකර්ශනය කරගැනීමට එය වැදගත් වන බව ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව මෙලෙස ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත සංවර්ධන බැඳුම්කරවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්නයි.

මූල්‍ය අරමුදලේ ආසියා - පැසිෆික් කලාපය භාර නියෝජ්‍ය ප්‍රධානී මැනුවෙලා ගොරෙටිගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් පස්වන ඇගයීම සඳහා පසුගිය 14 වනදා දිවයිනට පැමිණි අතර, ඔවුන් පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ණය වැඩසටහන දිගු කිරීමේ තීරණය ඊයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ආදායම පදනම් කරගත් මූල්‍ය ස්ථාවරත්වයක් කරා යාම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි.

රජයේ ණය ගැනුම් අඩු කරමින් සාමාජීය සහ සංවර්ධන ඉලක්ක ඉටු කරගැනීමට එය වැදගත් වනවා.

විදේශ මුදල් සංචිතය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාම මෙන්ම වෙළඳපොල විශ්වසනීයත්වය ගොඩනැගීම සඳහා මූල්‍ය අනුපාත නම්‍යශීලී අන්දමින් පවත්වාගෙන යාමද වැදගත් වන බව මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories