අමල් සහ නදීමාල් ගැන ඩුබායි බලධාරින්ගෙන් සුබවාදී ප්‍රතිචාර

Friday, 01 March 2019 - 12:37

%E0%B6%85%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB
ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා සම්බන්ධයෙන් ඩුබායි නීති බලධාරීන් වෙත සිදුකළ කරුණු දැක්වීම් සුබදායී මට්ටමක පවතින බව නීතීඥ උදුල් ප්‍රේමරත්න පවසනවා.

අමල් සහ නදීමාල් වෙනුවෙන් නීති උපදෙස් ලබාදීමට ඩුබායි රාජ්‍ය වෙත ගිය නීතීඥ උදුල් ප්‍රේමරත්න අද යළි දිවයිනට පැමිණීමෙන් පසු හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් ඔහු කියා සිටියේ ගායන ශිල්පී අමල් පෙරේරාගේ රුධිර සාම්පල වාර්තාව ලැබීමෙන් පසු ඩුබායි අධිකරණය අවසන් තීන්දුවක් ලබාදෙනු ඇති බවයි.

ඩුබායි හි නීති ක්‍රමවේදයන්ට අනුව මෙවැනි තත්ත්වයකදී අවශ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා ඩුබායි බලධාරීන් නිශ්චිත කාලරාමුවක් සහ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබනවා.

මත්ද්‍රව්‍ය ලබාගැනීම පිළිබඳ රුධිර සාම්පල වාර්තාවක් ලබාගැනීමේදී එය ඔවුන් අදියර 3 ක් යටතේ සිදුකරන බවයි වාර්තාවන්නේ.

එහිදී අත්අඩංගුවට පත්වූ දිනයේ රුධිර සාම්පල වාර්තාවක් මෙන්ම කාලයක් තිස්සේ අදාළ මත්ද්‍රව්‍ය භාවිත කරන්නේද යන්න පිළිබඳ තවත් වාර්තාවක් සකස් කිරීම සිදුවනවා.

එම වාර්තා ලැබීමෙන් පසු අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිළිබඳ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් වන්නේද ඔන්ලයින් ක්‍රමය හරහා බවයි නිතීඥ උදුල් ප්‍රේමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අමල් සහ නදීමාල් මෙරට කලාකරුවන් බවට සාක්ෂි සහිතව කළ ඉදිරිපත් කිරීම් ඩුබායි බලධාරීන්ගේ අවධානයට ලක්වූ බව නීතීඥ උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලූ සෙසු සැකකරුවන් ද තවදුරටත් පසුවන්නේ ඩුබායි හි බන්ධනාගාර ගතවයි.

ඔවුන් සම්බන්ධයෙන්ද අවසන් රුධිර සාම්පල වාර්තා මේ වනතුරු නිකුත් වී නොමැති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ මූලික අදියරයේ නීතිමය කටයුතු අවසන් වීමෙන් පසු මෙරටින් පරීක්ෂණ කණ්ඩායමක් බොහෝ දුරට පිටත්ව යාමට නියමිත බවයි.

නීතිඥ උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් කියා සිටියේ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා බොහෝදුරට දඩයකට යටත්ව මුදාහැරිමක් හෝ ලිහිල් දඩූවමකට යටත්වීමක් සිදුවිය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories