පකිස්ථාන අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමුවා මව්බිමට

Friday, 01 March 2019 - 22:05

%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රහාරයකට ලක්ව එරට හමුදා අත්අඩංගුවේ සිටි ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් මීට සුළු වේලාවකට පෙර සිය මව්බිමට ප්‍රවිශ්ට වුණා.

ඒ, ඉන්දු - පාකිස්ථාන වාග් අතාරී දේශසීමා මුර කපොල්ලේදීයි.

ඔහු පිළිගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන්ට අමතරව සිවිල් වැසියන් විශාල පිරිසක්ද මෙම දේශසීමා මුර කපොල්ල අසලට එක්රොක්ව සිටියා.

තම අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් නිදහස් කිරීමට මීට සුළු වේලාවකට පෙර පාකිස්ථානය කටයුතු කළා.

පාකිස්ථාන ආරක්ෂක අංශ බලධාරීන් පළමුව ප්‍රකාශ කර සිටියේ අභිනන්දන් වර්මා සවස 4.30 ට පමණ වාග් අතාරී දේශසීමා මුර කපොල්ලේදී ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාර දෙන බවයි.

නමුත්, මෙම භාරදීම සඳහා ඔවුන්ට පැය 6 කට වැඩි කාලයක් ගතවූවා.

අභිනන්දන් වර්තමාන් පාකිස්ථාන හමුදා අත්අඩංගුවට පත්වන්නේ එරට ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා පාකිස්ථානු ගුවන් කලාපයට ඇතුළුවූ අවස්ථාවේ එරට හමුදාවන්ගේ ප්‍රහාරයකට ලක්වීමෙන්.

සාමයේ සංකේතයක් ලෙස අත්අඩංගුවට පත් ඉන්දීය නියමුවා අද දින යළි ඉන්දියාවට භාරදීමට කටයුතු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ඊයේ එරට පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

ගුවන් නියමුවා රැගෙන යාම සඳහා පාකිස්ථානය වෙත ගුවන් යානයක් යොමු කිරීමට ඉන්දීය බලධාරීන් සූදානම් වුවත් පාකිස්ථානය එය ප්‍රතික්ෂේප කළා.

ඔවුන් සඳහන් කළේ අදාළ ගුවන් නියමුවා ඉන්දු - පාකිස්ථාන වගා අතාරී දේශසීමාවේදී නිදහස් කරන බවයි.

ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් පිළිගැනීමේ අවස්ථාවට සහභාගී වීම සඳහා නවදිල්ලි නුවරට පැමිණි ඔහුගේ මව්පියන් හට ගුවන් යානයේදී මගීන්ගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිවුණා.

වගාහ් අතාරී දේශසීමා අසළට රැස්වූ ඉන්දීය වැසියන් ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් පිළිගැනීම සඳහා රැඳී සිටියා.

පැවති අර්බුදකාරී තත්ත්වය පහව යාමත් සමඟ පාකිස්ථානය තුළ ඇතැම් ගුවන් ගමන් අද දවසේ සිදුකෙරුණු අතර ලබන 4 වැනිදා සිට ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුකරන බව ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වාර්තා කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories