හිරු ස්ටාර් කිරුළ දිනූ මංගල ඩෙනෙක්ස්, බටපොලට ගමන් අරඹයි

Monday, 04 March 2019 - 13:29

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%96+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B6%A7%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් කිරුළ දිනාගත් මංගල ඩෙනෙක්ස් රථ පෙරහරකින් සිය උපන් ගම වන බටපොල නගරයට මේ වනවිට ගමන් කරමින් සිටිනවා.

අලූත්ගම නගරයේ සිට ගාලූපාර ඔස්සේ බෙන්තොට, කොස්ගොඩ, අහුන්ගල්ල, බලපිටිය, නගර පසුකරමින් අම්බලන්ගොඩ නගරයට පිවිස අනතුරුව ඔහුගේ උපන් ගම වන බටපොලට පිවිසීමට නියමිතයි.

එහිදී බටපොල - කහටපිටිය පී.එච්.ඒ. ද සිල්වා ක්‍රීඩාංගණයේදී ඔහු පිළිගැනීම සඳහා මේ වනවිටත් සියල්ල සූදානම්.

මේ හිරු ස්ටාර් කිරුළ දිනාගත් මංගල ඩෙනෙක්ස්ට මග දෙපස රැඳී සිටිමින් ප්‍රේක්ෂක ජනතාව ප්‍රතිචාර දක්වා සිටියේ සතුට පළ කරමින්.

සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් ඵල ගැන්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් අවසන් මහා තරඟයේ කිරුළ බටපොල - මංගල ඩෙනෙක්ස් ඊයේ හිමිකරගත්තා.

හිරු ස්ටාර් අවසන් මහා තරගය ඊයේ සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවති අතර, එම තරඟය දැක බලා ගැනීම සඳහා සම්භාවනීය අමුත්තන් ඇතුළු සුපිරි තරු රැසක් පැමිණ සිටියා.

මේ හිරු ස්ටාර් කිරුළ දිනාගත් මංගල ඩෙනෙක්ස් සම්බන්ධයෙන් මග දෙපස සිටි ජනතාව  අදහස් දක්වමින් කියා සිටියේ තරුණයෙකු ලෙස ඔහුගේ දක්ෂතා අගය කරන බවයි.

ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂක ජනතාවට නවමු අත්දැකීම් ලබාදෙන හිරු ටී.වී. මෙරට රියලිටි වංශ කතාව තුළ ප්‍රේක්ෂක ජනතාව කිසි දිනෙක නොවිදි අත්දැකීමක් එක් කරමින් මීට වසරකට පමණ පෙර හිරු ස්ටාර් ආරම්භ කරනු ලැබුවා.

ජංගම දුරකථන යෙදවුමක් හරහා සජීවීව මනාපය පළ කරමින් තරඟකරුවන් ඉදිරි වට වලට තෝරා ගැනීම හිරු ස්ටාර් තරගාවලියේදී ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වූයේ මෙරට රියලිටි ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට වීම ද විශේෂත්වයක්.

එමෙන්ම ජනතා මනාපයේ විනිවිදභාවය තහවුරු කරමින් මනාපය පළ කරන්නන්ගේ රුව ද දැවැන්ත ඩිජිටල් තිරය මත දිස්වූයේ ලොව නවීනතම ක්‍රියාවලියක අත්දැකීම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත සමීප කරමින්.

ඒකල, යුගල සහ කණ්ඩායම් වශයෙන් තරගාවලියට එක්වුණු තරඟකරුවන් විනිශ්චය මණ්ඩලයේ සහ ප්‍රේක්ෂකයින්ගේ මනාප අතර හිරු ස්ටාර් අවසන් මහා තරඟය තෙක් ඉදිරියට පැමිණියා.

ඒ අනුව ශ්‍රී ලාංකීය රියලිටි ඉතිහාසයේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන වටිනාම තිළිණ වෙනුවෙන් අවසන් මහා තරඟයේදී තරඟ වැදුණේ බටපොල ප්‍රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස්, වෙන්නප්පුවේ ශම්මි ප්‍රනාන්දු, දිවුලපිටියේ අමිල කාවින්ද සහ මීගමුවේ සුජාන් ප්‍රනාන්දුයි.

අවසන් මහා තරඟයේ දි පලමු ව වෙන්නප්පුවේ ශම්මි ප්‍රනාන්දු සහ මීගමුවේ සුජාන් ප්‍රනාන්දු තරග වැදුනා. එහිදි පලමුව තරගයෙන් ඉවත් විමට සිදුවුයේ මීගමුවේ සුජාන් ප්‍රනාන්දුටයි.

අනතුරුව දිවුලපිටියේ අමිල කාවින්ද සමගින් බටපොල මංගල ඩෙනෙක්ස් තරග වැදුනු අතර, එහිදී වෙන්නප්පුවේ ශම්මි ප්‍රනාන්දු සමඟ අවසන් අභියෝගයට මුහුණදීමට තේරී පත්වුනේ බටපොල මංගල ඩෙනෙක්ස්.   

හිරු ස්ටාර් අවසන් මහා තරඟයේ කිරුළ හිමි කර ගත් මංගල ඩෙනෙක්ස්ට  රුපියල් ලක්ෂ 60ක් වටිනා සුපිරි අවුඩි මෝටර් රථයක්, මුදලින් රුපියල් මිලියනයක් සහ රුපියල් කෝටියක් වටිනා රූප රචනා සහිත ගීත ඇල්බමයක් හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වුණා.

හිරු ස්ටාර් කිරුළ දිනාගත් මංගල ඩෙනෙක්ස් ගාලූ පාර ඔස්සේ අම්බලන්ගොඩ හරහා බටපොල නගරයට පිවිසීමට නියමිත අතර, එහිදී ඔහු උත්සවාකාරයෙන් පිළිගැනීමට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories