දියමන්ති කොල්ලයේ ප්‍රධාන සැකකරු ‘‘කැවුමාගේ’’, පිස්තෝල දෙකක් සොයා විශේෂ මෙහෙයුමක්

Thursday, 07 March 2019 - 7:52

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E2%80%98%E2%80%98%E0%B6%9A%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A%E2%80%99%E2%80%99%2C+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පන්නිපිටිය - ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500ක් පමණ වටිනාකමකින් යුත් නිල් දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා සතුව තිබූ පිස්තෝල දෙකක් සොයා පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මොහු අත්අඩංගුවට ගැනීමත් සමඟ පාතාල ක්‍රියාකාරකම්වල නිරතවූ බොහෝ පිරිස් බියට පත්ව ඇති බවට පොලිස් බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වී ඇති බවයි.

මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම සමීපතමයෙකු වන කැවුමා විසින් ඔහුගේ සියලූම අපරාධ ක්‍රියාවන් මෙහෙයවා ඇති බවට මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා.

කළුතරදී බන්ධනාගාර බස් රථයකට පහරදී සමයං ඇතුලූ පිරිස ඝාතනය කිරීම සහ පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇතුලූ පිරිසකට වෙඩි තැබීමද මොහු විසින් මෙහෙයවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.  

සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.

මේ අතර, සැකකරු කුලියට ගෙන තිබූ නිවාස දෙකක තිබී ජීව උණ්ඩ 647ක්, ජංගම දුරකථන 126ක්, අත්විලංගු 3ක්, රන් පවුම් 40 ක් සහ පොලිස් හා යුද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක් පෙරේදා සොයා ගනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories