අධිකරණයේ පෙනී සිටින්නැයි ETI අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි

Thursday, 07 March 2019 - 16:48

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+ETI+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
තැන්පතුකරුවන්ගේ මුදල් වංචා කිරීම සහ සාපරාධී පරිහරණ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඊ.ටී.අයි. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණයේ පෙනී සිටින ලෙස අද යළි නොතීසි නිකුත් කෙරුණා.

ඒ, ඊට අදාළ නඩු 3ක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදියි. ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් මෙම නඩු ගොනු කර තිබූ අතර, ඒවා සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයට අප්‍රේල් මස 2 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

මේ අතර, ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය අද රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සොයන ජනපති කොමිසමට ඊ.ටී.අයි. ගනුදෙනුව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන අවස්ථාවේදී සංගමයේ අනෙකුත් සාමාජිකයින් එම කොමිසම ආසන්නයේ ඊ.ටී.අයි. ආයතනයට එරෙහිව විරෝධතාවයද පළ කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories