මියගිය බොරැල්ල රථවාහන ස්ථානාධිපතිට, පොලීසියෙන් වන්දි

Monday, 11 March 2019 - 19:00

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92
බම්බලපිටියේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍රගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

ඒ, පූර්ණ පොලිස් ගෞරව මධ්‍යයේයි. ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතරව බොරැල්ල - පොදු සුසාන භූමියේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ අවසන් කටයුතු සිදුකෙරෙන අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද එක්වුණා.

එහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ස්ථානාධිපතිවරයාගේ බිරිඳට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ද පිරිනැමුවා.

මීට අමතරව ඔහුගේ වයස අවුරුදු 18ට අඩු දරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5 බැගින් වූ වන්දි ප්‍රදානයක් ද සිදුකෙරුණු බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය 24 වන දා බම්බලපිටිය - ගාලූ පාරේ - ඩුප්ලි බුලර්ස් මංසන්ධියේදී පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය අනතුරට පත් කරමින් ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබූ අතර එය පසුව සොයා ගැනුණේ බත්තරමුල්ල ප්‍රදේශයෙන්.

එම අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගේ පුත්‍රයාගේ ඇතුලූ හත්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.

මෙම අනතුරෙන් සති දෙකකට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර පෙරේදා රාත්‍රියේ මියගියා.

මේ අතර, අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයාගේ පුත්‍රයෙකු වන නවිඳු ඔමේෂ් රත්නායක මේ මස 18 වනදා දක්වා යළි  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ සැකකරු කොලඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories