දියමන්ති කොල්ලයේ කැවුමාගේ නිවසක, හෙරොයින් කිලෝ 167ක්

Monday, 11 March 2019 - 19:05

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%2C+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+167%E0%B6%9A%E0%B7%8A
රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව - රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 1800කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 167 කට අධික ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අද සිදුකළ මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ හෙරොයින්වලට අමතරව ටී 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803 සහ ස්වයංක්‍රීය ගිනි අවියක් සොයා ගත් බවයි.

පසුගිය 5 වන දා පානදුර - කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකදී පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අදාළ දියමන්තිය සමඟ කැලූම් ඉන්දික හෙවත් කැවුමා අත්අඩංගුවට ගත් අතර, පසුව හෙළි වුණේ පන්නිපිටිය - ඇරැව්වල ප්‍රදේශයේ නිවසක තිබූ දියමන්තිය කොල්ල කෑම මොහු සහ මාකඳුරේ මධුෂ් විසින් මෙහෙයවා ඇති බවයි.

අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමාගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර, ඊයේ ඔහුව මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරු මේ මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

මේ අතර,  අදාළ දියමන්තිය පරීක්ෂා කළ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් විශේෂඥයින් එය දියමන්තියක් නොවන බවට තහවුරු කළ බව එහි සභාපති රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම දියමන්තිය පරීක්ෂා කිරීම සඳහා තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවයි.

එය පරීක්ෂා කරන අවස්ථාවට දියමන්තියේ හිමිකරු මෙන්ම විමර්ශන සිදුකරන පෑලියගොඩ කොට්ඨාශ විමර්ශන ඒකකයේ නිලධාරීන් ද පැමිණ සිටියා.

කෙසේ වෙතත්, අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් අනතුරුව හෙට දිනයේදී මෙම දියමන්තිය තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශය වෙත ලබාදීමට කටයුතු කරන බවයි සිද්ධිය පිළිබද විමර්ශනය කරන පෑලියගොඩ කොට්ඨාශ විමර්ශන ඒකකයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එතෙක් අද දිනයේ හිමිකරු ඉදිරියේ මුද්‍රා කර තමන් භාරයට ගත් දියමන්තිය ආරක්ෂිත සේප්පුවක තැන්පත් කර ඇති බව එම නිලධාරියා සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories