දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත කෙරේ

Thursday, 14 March 2019 - 11:05

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද පෙරවරුවේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් විවෘත කරනු ලැබුවා.

දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ආර්. ගුරුසිංහ, අමල් රණරාජා සහ ශෂී මහේන්ද්‍රන් මෙම අධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ඇති.

පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය වංචා සහ දූෂණ විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ 3 ක් ස්ථාපිත කිරීමට රජය තීරණය කළ අතර, එහි පලමු අධිකරණයේ කටයුතු පසුගියදා ආරම්භ වුණා.

මෙම අවස්ථාවට එක්වෙමින්  අමාත්‍යවරිය සදහන් කළේ දෙවන විශේෂ මහාධිකරණය මගින් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු නීතිපතිවරයා සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories