යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට

Thursday, 14 March 2019 - 16:22

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හලාවත කොළඹ මාර්ගයේ පම්බල ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අද උදෑසන 8ට පමණ සිදුවු අනතුරින් මියගොස් ඇත්තේ ආණමඩුව මහඋස්වැව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්.

ඔවුන් ගමන් කළ යතුරුපැදිය ඉදිරියෙන් ගමන් කළ වෑන් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී වෑන් රථයේ පිටුපස ගැටී පෙරලී තිබෙනවා.

එම අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයකට ඔවුන් යටවී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

බරපතල තුවාල ලැබු තරුණයන් දෙදෙනා රෝහල්ගත කරන විට ද මියගොස් සිටි බව සඳහන්.

බස් රථයේ සහ වෑන් රථයේ රියදුරන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මාදම්පේ පොලිසිය විමර්ශණ සිදු කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories