පොලිස් ස්ථානාධිපතිවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරු

Friday, 15 March 2019 - 13:52

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

සේවා අවශ්‍යතාව මත එම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත්, කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පිළියන්දල පොලිස් ස්ථනාධිපතිවරයා ලෙසත් මාරු කර යවා තිබෙනවා.

ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපතිවරයා කඹුරුපිටියටත්, ගාල්ල කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ඩී.ජේ.එස්. කරුණාදාස ගිනිගත්හේන පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත් පත් කර ඇති බව සඳහන්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories