පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 04ක් ජීවිතක්ෂයට

Monday, 18 March 2019 - 6:33

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9++%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+04%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ පාලවිය - නාගවිල්ලුව ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරට හේතුව ටිපර් රථ රියදුරාගේ නොසැළකිලිමත් රිය ධාවනය බව පොලිස් පරික්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් කාන්තාවන් තුන්දෙනෙකු ඇතුලු සිව්දෙනෙකු ජීවිත්කෂයට පත්වූ අතර, දස හැවිරිදි දැරියක් ඇතුලු තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා.

යාපනයේ සිට කටුනායක ගුවන් තොටුපල බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථය සහ කොළඹ සිට අට්ටවිල්ලුව සිමෙන්ති කර්මාන්තශාලාවට අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථය මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුවුණේ අලුයම 1.45 ට පමණයි.

වෑන් රථය සහ තවත් ලොරි රථයක් නාගවිල්ලුව ප්‍රදේශයේ ආපන ශාලාවක් අසළ තේ පානය සඳහා නවතා තිබෙනවා. තේ පානයෙන් පසු ලොරි රථ රියදුරු සිය රථය අසළට පැමිණ ඇති අතර, වෑන් රථයේ සියලුදෙනා ඊට නැග යළි ගමන් ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේදියි ඉදිරියෙන් පැමිණී ටිපර් රථය ලොරි රථයේ රියදුරුද යටකරගෙන වෑන් රථයේ ගැටී ඇත්තේ.

අනතුරෙන් තුවාල ලැබූ ලොරි රථ රියදුරු සහ වෑන් රථයේ සිටි කාන්තාවන් තුන්දෙනෙකු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය - කොට්ටඩි ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක්, මානිප්පායි ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් සහ කයිතඩි ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ගර්භනී කාන්තාවක්.

අනතුරින් මියගිය, නවතා තිබූ ලොරි රථයේ රියදුරු වවුනියාව - තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

අනතුරෙන් තුවාල ලබා පුත්තලම මහ රෝහලට ඇතුළත් කෙරුණු දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති නමුත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.  

අනතුර සම්බන්ධයෙන් අදාළ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, 31 හැවිරිදි ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔහුගේ නොසැළකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවූ ස්ථානයට මීටර 500 කට පමණ පෙර අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් වැටලීමට රථවාහන පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවක්ද සිදුකර තිබෙනවා.

එහෙත් එම අවස්ථාවේ අදාළ  ටිපර් රථ රියදුරා  සිය වේගය අඩාල කර රිය ධාවනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories