ශ්‍රී ලංකාව ගැන යෝජනාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී හෙට සාකච්ඡාවට

Tuesday, 19 March 2019 - 19:23

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
මෙරට සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍ය හා ජර්මනිය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහය ඇතිව සකස් කළ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය වෙත හෙට නිල වශයෙන් ඉදිරිපත් කෙරෙනවා.

සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග එහි ඇතුළත් වන අතර, එම යෝජනාව එක්සත් රාජධානිය ඉදිරිපත් කරන්නේ කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්වයි.

2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාව ඉදිරිපත් කිරීමටද එම කණ්ඩායම එක්වුණා.

 2015 ඔක්තෝම්බර් හා 2017 මාර්තු මාසයේ ඉදිරිපත් කළ යෝජනා මගින් ශ්‍රී ලංකාව එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට දිරිගන්වන බව ද මෙම යෝජනාවේ සඳහන්.

ප්‍රධාන කරුණු 4 කින් සමන්විත යෝජනාවලිය මගින් 30/01 යෝජනාව යටතේ ශ්‍රී ලංකාව එකඟ වූ එහෙත් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් ලබාදිය යුතු තාක්ෂණික සහය මෙන්ම, උපදෙස් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අඛන්ඩ සමාලෝචනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් ලිඛිත යාවත්කාලීන වාර්තාවක් කවුන්සිලයේ 43 වන සැසිවාරයට හා සම්පූර්ණ වාර්තාවක් 46 වන සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසටයි.

මේ අතර ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට සමගාමීව ජිනීවා ජගත් සංවිධාන ගොඩනැගිල්ලේ ඊයේ පැවති සමාන්තර සැසියක් අතරතුර උණුසුම් වාතාවරණයක් පැන නැගුණා.

පසුමයි තායිගම් නැමති සංවිධානය සහ ප්‍රංශයේ මානව හිමිකම් පිළිබඳ දෙමළ මධ්‍යස්ථානය එක්ව එය සංවිධාන කර තිබූ අතර, ඊට දෙමළ සන්ධානයේ හිටපු උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලූ කණ්ඩායමක් එක්ව සිටියා.

විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුලූ පිරිසක් ද එම අවස්ථාවට සහභාගිවී තිබෙනවා. එහිදී ඔහුගේ කණ්ඩායම සහ හිටපු  උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්  අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවුණා.    

මේ අතර ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වන නව යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීම විවේචනය කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිකුත් කළ ප්‍රකාශයට මුදල් අමාත්‍ය මංගල සමරවීර පිළිතුරු සපයා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය නොමඟ යවන සුළු කරුණුවලින් සමන්විත වන බවයි. විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාවට එරෙහි තවත් යෝජනාවක් පිළිබඳව සඳහන් කළද එලෙස මෙරටට එරෙහි යෝජනාවක් 2015 වසරෙන් පසු ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බව මංගල සමරවීර අමාත්‍යවරයා අවධාරණය කරනවා.   






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories