සේවක අර්ථසාධක නැවතත් කොටස් වෙළඳපලට

Wednesday, 20 March 2019 - 19:33

%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B6%BD%E0%B6%A7
සේවක අර්ථසාධක අරමුදල නුදුරේදීම නැවතත් කොටස් වෙළඳපොලට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අපි 2015 දී රට බාර ගන්නකොට ලංකාවේ ආර්ථිකය හොඳ තත්ත්වයක නෙවෙයි තිබුණේ.

අපි තේරුම් ගත්තා රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීමට තමයි අපි ප්‍රමුඛත්වය දෙන්න ඕනි කියලා. ඒක ඉතාම අමාරු කාලයක්. අපි එතැන් සිට මූල්‍ය ස්ථාවරත්වය ඇති කරන්න පියවර ගත්තා, අපි ඒ ගත්තු පියවර සතුටුදායකයි.

ඒ නිසා දැන් අපිට ඊලඟ පියවරට යන්න පුළුවන්කම තියෙනවා. 2019 වසරේදී අපි පළමු වතාවට බලාපොරොත්තු වෙනවා අපේ ජංගම ගිණුමේ ශේෂය යහපත්ව පවත්වා ගන්න.

එය සිදුවන්නේ අවුරුදු 60 කට, 70 කට විතර පස්සේ. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව දැන් ඉහළ වෙළඳපොල පොලී අනුපාත අඩු කිරීමට යනවා, මූල්‍ය ප්‍රතිපත්තිවල වෙනස්කම් සිදු නොකර.

ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල නුදුරේදීම නැවතත් කොටස් වෙළඳපොලට ඇතුළත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඊට අදාළ කටයුතු මහ බැංකුව විසින් අවසන් අදියරේ සිදුකරමින් සිටිනවා වගේම ඒ වෙනුවෙන් හොඳ ආරක්ෂණ වැඩපිලිවෙලකුත් ක්‍රියාත්මක කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories