මොරටුමුල්ල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුට සැඟවීමට උපකාර කළ කාන්තාවක් අත්අඩංගුවට

Thursday, 21 March 2019 - 7:11

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පිළියන්දල - මොරටුමුල්ල - කොස්පැලෑන ප්‍රදේශයේ සිදුවූ ද්විපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් කාන්තාවක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව වැලිගම ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ ලද තොරතුරක් මතයි.

සැකකාරියගේ අනියම් සැමියා මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ශම්මි නැමති පාතාල සාමාජිකයාගේ් සමීපතමයෙකු වනවා.

ඇය ශම්මි නැමති පාතාල සාමාජිකයාට වැලිගම ප්‍රදේශයේ මාසිකව රුපියල් 12,000 ක කුලී පදනම මත නිවසක් ලබාදී ඇති අතර, දුරකථනය සඳහා සිම් කාඞ්පත්ද ලබාදී තිබෙනවා.

34 හැවිරිදි වියේ පසුවන ඇය මෙම ඝාතන සිද්ධියේ අනෙක් සැකකරුවන්ට සැඟව සිටීමට ආධාර අනුබල දී ඇත්ද යන්න පිළිබඳ පරික්ෂන ක්‍රියාත්මකයි.

බස් මාර්ග බලපත්‍රයක් මත ඇති වූ ආරවුලක් මොරටුමුල්ල - පිළියන්දල - කොස්පැලෑන ප්‍රදේශයේ දී මෙම ද්විත්ව ඝාතනය සිදුවූයේ පසුගිය 14 වනදායි.

නඩු කටයුත්තක් සඳහා ගොස් යළි පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, සිද්ධියෙන් මියගියේ මොරටුමුල්ල - සොයිසාපාර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි දුමින්ද ඉරෝෂන හෙවත් ආමි මංජු නමැත්තා සහ ඌරුබොක්ක - බොරදූවහේන ප්‍රදේශයේ පදිංචි චින්තක සදරුවන් පරණවිතාන නමැති 20 හැවිරිදි තරුණයෙක්.

එමෙන්ම, වෙඩි වැදීමෙන් දුමින්ද ඉරොෂන්ගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories