කෝටි 500 දියමන්ති කොල්ලයට අත්අඩංගුවට ගත් කැවුමා යළි රිමාන්ඩ්

Friday, 22 March 2019 - 15:49

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+500+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රුපියල් කෝටි පන්සියයේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් එම කොල්ලය මෙහෙයවූ කැලුම් ඉන්දික හෙවත් 'කැවුමා' ලබන මස 5 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද (22) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සැළසුමකට අනුව මෙම දියමන්ති කොල්ලය සිදුකර තිබූ අතර, පසුව සිදුකළ විමර්ශනවලදී සැකකරු රැදී සිටි මොරටුව - රාවතාවත්තේ නිවසක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 177යි ග්‍රෑම් 464ක්, ටී 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 2803 ක්, බෝර 12 පතොරොම් 234ක්, ස්වයංක්‍රීය ගිනි අවියක් සහ තවත් ආයුධ කිහිපයක් ද සොයා ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories