නොදන්වා විදුලිය කැපීම ගැන, උපයෝගිතා කොමිසම වාර්තාවක් කැඳවයි - මාධ්‍ය ප්‍රකාශකත් ඉල්ලා අස්වේ

Saturday, 23 March 2019 - 18:47

%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
මහජනතාව දැනුවත් කිරීමකින් තොරව විදුලිය විසන්ධි කළ නොහැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

ඒ අනුව, සිදුවූ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීමට කටයුතු කරන ලෙස විදුලිබල මණ්ඩලය දැනුවත් කිරීමටයි එම කොමිසම තීරණය කර ඇත්තේ.

එහි ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් අප කළ විමසීමකදී කියා සිටියේ ඊට අදාළ තොරතුරු ලබාදෙන මෙන් දැනටමත් ඔවුන්ට දැනුම්දී ඇති බවයි.

කෙසේ වෙතත්, වර්ෂාව ලැබී විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යනතුරු විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ.

විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පවතින අර්බුදකාරි තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව මීට පෙර අදාළ බලධාරින්ට දැනුම් දුන් බවයි.

මේ අතර, විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ සුලක්ෂණ ජයවර්ධන ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඔහු පෙරේදා ඒ පිළිබදව අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කර තිබුණා.

පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ 6 හිම ජල මට්ටම පහළ බැස තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ දත්ත වාර්තාවලට අනුව, කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 9.2 දක්වා ද, මාවුස්සාකැලේ ජල මට්ටම සියයට 26 දක්වා ද, කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 33.9 දක්වා ද පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 36.7 දක්වා පහත බැස ඇති අතර, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සටහන් සියයට 87.9 ක් දක්වා ද, සමනල වැවේ ජල මට්ටම සියයට 24.6 දක්වා පහත බැස තිබෙනවා.

මේ අතර, මවුස්සාකැළේ ජල පෝෂක ප්‍රදේශවලට කෘත්‍රිම වැසි ඇති කිරීමට අදාළ කටයුතු ඊයේ පළමු වරට ආරම්භ කළ අතර, එම ව්‍යාපෘතිය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වුණා.

ගුවන් හමුදාවේ Y12 ගුවන් යානය මේ සඳහා එක්ව තිබූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

එම ගුවන් යානයක් මගින් අඩි 8000ක් ඉහළින් වූ වළාකුළු මත රසායනික ද්‍රව්‍යයක් මුදා හරිමින් කෘත්‍රිම වැසි ඇති කිරීමේ ක්‍රියාවලිය සිදුකළා.

මෙම නියමු ව්‍යාපෘතිය කාසල්රී සහ මාවුස්සාකැළේ ජල පෝෂක ප්‍රදේශයේ දින 14ක් පුරා සිදුකිරීමට නියමිතයි.

මෙරට දෛනික විදුලිබල අවශ්‍යතාවය මෙගවොට් 2300 ක් වන අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් කාණ්ඩ වශයෙන් වෙන්කොට දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව, විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කළමනාකරු එස්.ඩී.ඩබ්ලිව්. ගුණවර්ධන, එහි සභාපතිවරයාට ලිපියක් මගින් ඒ පිලිබදව දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත්, ඒ පිළිබදව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සම්බන්ධ කර ගැනීමට අප කිහිප වරක් උත්සාහ කළ අතර ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

අදත් දිවයිනේ ප්‍රදේශ රැසක පැය ගණනාවක් විදුලිය විසන්ධි කර තිබූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories