දුෂණ සොයන ජනපති පරික්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය අද සිට

Monday, 25 March 2019 - 7:21

%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
2015 - 2018 කාලසීමාව තුළ රජයේ ආයතනවල සිදුවූ දූෂණ - අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය අද ආරම්භ වනවා.

ඒ යටතේ මහරගම - අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පෙරවරු 9ට එම කොමිසමට පැමිණෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ  සහකාර ලේකම්වරයෙකු වන රෝහණ ද සිල්වාට දැනුම් දී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

2015 - 2018 කාලසීමාව තුළ රජයේ ආයතනවල සිදුවූ දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමට පැමිණිලි භාර ගැනීම පසුගිය 19 වන දායින් අවසන් වූ අතර ඒ අනුව ඊට පැමිණිලි 1142ක් ලැබී තිබුණා.

ඉන් පැමිණිලි 48ක් සම්බන්ධයෙන් මූලික විමර්ශන ක්‍රියාත්මක කෙරෙන බවයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ලේ බැංකුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය සහ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසකට එරෙහිව මේ වනවිටත් මෙම කොමිසමට පැමිණිලි ඉදිරිපත්ව තිබෙනවා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories