බැදුම්කර වංචාවට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට

Monday, 25 March 2019 - 8:32

%E0%B6%B6%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+04+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි සහ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තුන්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අත්අඩංගුවට ගත්තා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු මහ බැංකු නිලධාරියා ද වන්නේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරියි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන පසුගිය වසරේ පෙබරවාරි 4 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔවුන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ඇප නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 1 වනදායි.

මීට අදාළ නඩුව පසුගිය 25 මස වනදා කැදවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කළේ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ තවත් සැකකරුවන් සිටීනම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටයි.

ඒ අනුව පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රන්ජන් හුළුගල්ල, මුතුරාජ සුරේන්ද්‍රන් යන සැකකරුවන් අද අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස් වලදීයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ චිත්‍රා රන්ජන් හුළුගල්ල පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ණ විවාදය පැවති පසුගිය 23 වනදා අනාවරණයක් සිදුකළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින්.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ මෙම පුද්ගලයා ජනමාධ්‍ය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්‍ෂ ධුරයකට පත්කර ඇති බවට එහිදී ඔහු හෙළිදරව් කළා.  

2015 වසරේ පෙබරවාරි 27 වනදා සිදුවූ බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් බිලියන 1.6 ක අලාභයක් සිදුවූ බවට මුලින්ම අනාවරණ වූයේ ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක් මගින්.

පසුව මේ පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කළ අතර, එමඟින් අනාවරණය වූයේ මෙම බැදුම්කර ගණුදෙනුව හේතුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 8.5 කට අධික බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස 2018 වසරේ අප්‍රේල් 19 වනදා ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories