නාගොඩ රෝහලේ මළසිරුරු මාරුවෙයි

Friday, 19 April 2019 - 18:31

%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කළුතර - නාගොඩ මහ රෝහලේදී මෘත ශරීර මාරුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායමක් ලබන සඳුඳා එම රෝහලට ගොස් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

මෙම ගැටළුව නිසා එම රෝහලේදී මියගිය පුද්ගලයින් කිහිප දෙනෙකුට අයත් මෘත ශරීර භාර ගැනීමට ඔවුන්ගේ ඥාතීන්ගේ ඊයේ පැමිණි අවස්ථාවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණා.

කළුතර උතුර - විලේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ දේහය භාර ගැනීමට ඥාතීන් පැමිණ සිටියත්, ඔහුගේ දේහය මෘතශරීරාගාරයේ නොමැති වීමත් සමඟ ඔවුන් කළබලකාරී වුණා.

හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා එම පුද්ගලයා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, පැය කිහිපයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුව මල්ශාලාව වෙත පැමිණි කළුතර මහ රෝහලේ නිලධාරියෙකු, පොලිසිය මැදිහත් කරගනිමින් සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සාහ කළා.

කෙසේ වෙතත්, මියගිය පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ මෙම මරණයද ඇතුළුව මෘත ශරීර 05 ක් රෝහලෙන් මාරු කර ඇති බවයි.  

අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ සිද්ධිය පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.

එමෙන්ම, ලබන සඳුඳා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරීන් කළුතර - නාගොඩ මහ රෝහලට ගොස් ඒ පිළිබඳව පරීක්ෂා කරන බවද ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories