තමන් වසර හතරකට පෙර මාකඳුරේ මධුෂ් හඳුනාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශ භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්, ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදියි.
මේ අතර මෝදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයක් සම්බන්ධයෙන්ද ඔහුගෙන් දීර්ඝ ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කර තිබෙනවා.
මේ අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ පිටුවහල් කළ දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කිරීමෙන් පසු මුදා හැරුණා.
මෙලෙස මුදා හැරුණේ 50 හැවිරිදි පියල් පුෂ්පකුමාර රාජපක්ෂ නැමැති දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සමඟ ඊයේ පිටුවහල් කළ 22 හැවිරිදි මොහොමඩ් අෆ්රිඩි නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් පසුව කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත්තා.
එම සැකකරු අත්අඩංගුවේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ බිරිඳගේ සහෝදරියගේ පුත්‍රයා බවටයි හෙළි වී ඇත්තේ.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් මේ වන විට 23 දෙනෙක් මෙරටට පිටුවහල් කර තිබෙනවා.
ඒ අතරින් 6 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.

Follow US
Most Viewed Stories