නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර පල්ලියකට එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම් සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
ඒ, රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවූ විශේෂ පාර්ලිමේන්තු සභා වාරයේදීයි. මෙහිදී සිද්ධියෙන් මියගිය සහ තුවාල ලැබූ පිරිස සිහිපත් කරමින් විනාඩි 2 ක නිහැඩියාවක් ද පවත්වනු ලැබුවා.
ත්‍රස්ත අවදානම මැඩ පැවත්වීම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය ලැබී ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පැවති විශේෂ පාර්ලිමේන්තු සභා වාරයට එක්වෙමින් සඳහන් කළේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂද එහිදී අදහස් දැක්වූ අතර, එහිදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට චෝදනා එල්ල කළා.
-------------------------------------------------------------------------------------
ප්‍රහාරවලින් මියගිය ගණන 321 දක්වා ඉහළට - TUESDAY, 23 APRIL 2019 - 13:45
දිවයිනේ ස්ථාන 8 කදී සිදුවූ පිපිරීම් වලින් මේ වනවිට පුද්ගලයින් 321 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
ඒ රටේ වත්මන් තත්ත්වය හමුවේ කැඳවූ විශේෂ පාර්ලිමේන්තු සභා වාරයේදීයි.
මේ අනුව, ප්‍රහාරවලින් පුද්ගලයින් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 375 දෙනෙකු රෝහල් වල දැනට ප්‍රතිකාර ලබන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
එසේම, මෙම ප්‍රහාරවලින් විදේශිකයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් විදේශිකයන් 19 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එසේම, මෙම ප්‍රහාරය නවසීලන්තයට පසුගියදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් සිදුකරන ලද්දක් බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
මේ අතර, ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති අද දිනයේ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූවන් සහ තුවාල ලැබූ අය සිහිපත් කරමින් විශේෂ පහන් පූජා සංවිධාන කරන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් දිවයිනේ පිහිටි සියලුම බෞද්ධ සිද්ධස්ථානවල පස්වරු කාලයේ ආගමික වතාවත් සිදුකරන ලෙසයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ.

Follow US
Most Viewed Stories