ඇතිවිය හැකි ප්රවණතාවන් සමඟ ඉදිරියේදී ආරක්ෂක අංශවල ප්‍රතිසංශෝධනයක් සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.
ඒ, ශ්‍රී ලංකාවේ සිටින විදේශ තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර ආයතන ප්‍රධානීන් සමඟ අද ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදියි.
මෙහිදී ජනාධීපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ත්‍රස්ත ප්‍රහාරය රජය කිසිසේත් අපේක්ෂා නොකරන ලද්දක් බවයි. කෙසේ වෙතත් ඉදිරියේදී මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට ආරක්ෂක අංශ ශක්තිමත් කර තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී කියා සිටියා.
ජාත්‍යන්තරයේ සියලුදෙනාගේ සහය ලබාගනිමින් ත්‍රස්ත මර්දනය පිළිබඳ දේශීය අත්දැකීම් උපයෝගී කරගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කඩිනමින් හැකිවනු ඇති බවට තමා විශ්වාස කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
එමෙන්ම හදිසි නීතිය, සිවිල් වැසියාට එරෙහිව භාවිත නොකරන බවට සහතික කිරීමේ වගකීම තමන් භාරගන්නා බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම හමුවේදී ප්‍රකාශ කළේ.
සමාජ මාධ්‍ය තහනමද නුදුරේදීම ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධීපතිවරයා මෙහිදී සඳහන් කළේ යැයි ජනාධීපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
ශ්‍රී ලංකාවේ මතුව ඇති ත්‍රස්තවාදය මැඩලීමට තම පූර්ණ සහය ලබාදෙන බවයි මෙහිදී විදෙස් තානාපතිවරුන් කියා සිටියේ.

Follow US
Most Viewed Stories