කටානේ වෙළඳසැළක තිබූ පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් පුපුරුවා හරී - වැල්ලවත්තේ සැකකටයුතු යතුරුපැදියක්

Wednesday, 24 April 2019 - 11:24

%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%93+-+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කටාන - තිඹිරිගස්කටුව ප්‍රදේශයේ වෙළඳසැලක තිබූ සැකකටයුතු පාර්සලයක් පුපුරුවා හැර තිබෙනවා. කටාන පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් අදාළ පාර්සලය පුපුරුවා හැරි බවයි.

මේ අතර වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසළ සැකකටයුතු ලෙස නවතා තිබූ ස්කූටි වර්ගයේ යතුරුපැදියක් ආසනය විවෘත කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එහි අගුල ආරක්ෂිතව පුපුරුවා හැර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් මෙලෙස යතුරුපැදිය පරීක්ෂා කිරීම සඳහා ආසනය පුපුරුවා හැර ඇති බවයි.

කෙසේ වෙතත් පසුව යතුරුපැදිය පරීක්ෂා කළද එහි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories