මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ බිරිඳකගෙන් සම්මුඛ සාකච්ඡාවක්

Wednesday, 24 April 2019 - 12:40

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලදී කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට කඩා වැදුණු ඉන්ෂාෆ් අහමඞ් නමැති මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ වන අෂ්කාන් අලාම්දීන් බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් ලබාදී තිබෙනවා.

එමඟින් ඇය සඳහන් කර ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීමට දින දෙකකට පෙර තම සැමියා ව්‍යාපාරික කටයුත්තක් සඳහා සැමිබියාවට පිටත්ව යන බව දැනුම් දුන් බවයි.

පසුගිය සිකුරාදා දිනයේදී තමන් සැමියා කටුනායක ගුවන්තොටුපළ වෙත ඇරලූ බවද ඇය ඬේලි මේල් පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා.

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වූ පාස්කු ඉරිදා උදෑසන 7යි 30ට පමණ තමන් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් ඔහු සුව දුක් විමසූ බවද ඇය ප්‍රකාශ කර ඇති බවයි ඩේලිමේල් පුවත් පත වාර්තා කළේ.

මෙම මරාගෙන මැරෙන බෝම්බකරු මහනුවර ප්‍රදේශයේ ජීවත් වූ අයෙකු වන අතර ඔහු තඹ කර්මාන්ත ශාලාවක හිමිකරුවෙකු බවද සඳහන්.

මෙවැනි ම්ලේච්ජ ප්‍රහාරයකට තම සැමියා සම්බන්ධ වීමට හේතුව සිතා ගත නොහැකි බව ප්‍රකාශ කර ඇති මෙම කාන්තාව වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනුවත් වූයේ නම් පොලිසිය දැනුවත් කරන බවයි.

එමෙන්ම ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇත්තේ තම සැමියාගේ සොහොයුරා වන ඉල්හාම් බවයි අෂ්කාන් අලාම්දීන් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories