මියගිය පොලිස් නිලධාරීන්ගේ තනතුරු උසස් කෙරේ

Wednesday, 24 April 2019 - 13:20

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පසුගියදා දෙමටගොඩ - මහවිල උද්‍යානය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන් තුන්දෙනාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා.

39 හැවිරිදි පිළියන්දල - මඩපාත ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු, 24 හැවිරිදි මහනුවර - කැටකුඹුර ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයෙකු සහ 29 හැවිරිදි කැකිරාව - දඹුළු හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයෙකු මියගියා.

පසුව මොවුන් පොලිස් පරීක්ෂක සහ සැරයන් තනතුරු දක්වා උසස් කරනු ලැබුවා.

මේ අතර පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 359 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිටත් පුද්ගලයින් 300 දෙනෙකු පමණ රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර ප්‍රහාරවලින් මියගිය තවත් පිරිසකගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories