ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි ජනපති දැනුම් දෙයි - අත්අඩංගුවට ගන්නැයි මන්ත්‍රී විජේදාස ජනපතිට ලියයි

Wednesday, 24 April 2019 - 15:19

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දරට යන මහත්වරුන්ට එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්දී ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසනවා.

මේ අතර, ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලා සිටින්නේ ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා තම වගකීම පැහැර හරමින් සාපරාධී අපරාධයක් සිදුකර ඇති බැවින් ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

පසුගියදා සිදුවූ බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් බුද්ධි අංශ ප්‍රධානියා විසින් පෙර දැනුම්දීමක් සිදුකර තිබියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට මේවන විට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වනවා.

ජනාධිපතිවරයා ඊයේ ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශයේදීද සඳහන් කර සිටියේ ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රානාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇතැයි රජයේ ආරංචිමාර්ග පවසනවා.

මේ අතර, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරනවා.

ඒ ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකරමින්.

විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පසුගිය අප්‍රේල් මස 4 වැනිදා සිට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදී එම තොරතුරු වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවන බව දැන දැනම ඔවුන් දණ්ඩනීති සංග්‍රහයේ 296 හා 297 වගන්ති සමග කියවිය යුතු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 21 වන වගන්තිය
යටතේ සාපරාධී අපරාධයක් සිදුකර ඇති බවයි.

එබැවින් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මකකොට නිසි දඬුවම් ලබාදීමේ වගකීම ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බවද ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සිය ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories