ප්‍රහාරයෙන් දිවි පිදූ පොලිස් නිලධාරියෙකුගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

Wednesday, 24 April 2019 - 17:11

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%AF%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
දෙමටගොඩ ගුවන් පාලම අසල නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී බෝම්බ පිපිරීමෙන් දිවි පිදූ කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. රෝහණ බණ්ඩාරගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අවසන් ගෞරව දැක්වුවා.

ඔහුගේ දේහය තැන්පත් කර ඇති පිලියන්දල - බටුවන්දර ප්‍රදේශයේ නිවසට ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව පොලිස් පරීක්ෂකවරයාගේ පවුලේ ඥාතින්වෙත සංවේගය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

එමෙන්ම, මෙම ප්‍රහාරයෙන් දිවි පිදූ පොලිස් සැරයන් ළහිරු උමේෂ දුලංජන සහ පොලිස් සැරයන් භාතිය බණ්ඩාර යන නිලධාරින් ද සිහිපත් කරමින් ජනාධිපතිවරයා ශෝකය පළ කර තිබෙනවා.

මේ අතර, මෙම ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වූ විමර්ශනවලට සහය පළ කිරීම සදහා බ්‍රිතාන්‍ය නියෝජිත කණ්ඩායමක් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ ප්‍රකාශ කළා.

ඒ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින්.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories