ජගත් මහලේකම්වරයා ඇතුලු ලෝක නායකයන්ගෙන් ජනපතිට දුරකථන ඇමතුම්

Thursday, 25 April 2019 - 14:29

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකාවේ පවතින තත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඇතුලු ලෝක නායකයන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දුරකථන පණිවුඩ ලබාදෙමින් තොරතුරු විමසා තිබෙනවා.

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ලෝක නායකයන් ජනාධිපතිවරයාට සහතික වී ඇත්තේ.

ජගත් මහලේකම්වරයා ඊයේ පස්වරුවේ මෛත්‍රීපාල සිරිසේන වෙත විශේෂ දුරකථන ඇමතුමක් ලබාදෙමින් පාස්කු ඉරිදා බිහිසුණු ප්‍රහාරය පිළිබඳ තම බලවත් කණගාටුව සහ සංවේගය පළකළා.

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහායක්ම ලබාදෙන බවට ජනාධිපතිවරයාට සහතික වූ ජගත් මහලේකම්වරයා සඳහන් කළේ මෙම ඛේදජනක සිදුවීමෙන් මියගිය සියලුදෙනාගේ පවුල්වල ඥාතීන් වෙත සිය සංවේගය පළ කරන බවයි.

එමෙන්ම තුවාල ලැබුවන් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ඔහු සඳහන් කළා.

මේ අතර පකිස්ථාන ජනාධිපති ආචාර්ය අරිෆ් අල්වි සහ තුර්කි ජනාධිපති රෙසිප් ටයිප් එර්ඩෝගන් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් සිය කණගාටුව සහ සංවේගය පළ කළා.

ඔවුන් අවධාරණය කළේ ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළාදකින බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කටාර් එමීර්වරයා වන ෂේක් තමිම් බින් අහමඩ් අල්තානි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දුරකථන ඇමතුම් ලබාදෙමින් සිය කණගාටුව සහ සංවේගය පළ කළා.

මෙම දුෂ්කර අවස්ථාවේ තමන් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳගෙන සිටින බවයි අවධාරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories