සියළු මුස්ලිම් පල්ලිවල සිකුරාදා දේව මෙහෙය අවලංගු කරන ලෙස ඉල්ලීමක්

Thursday, 25 April 2019 - 17:53

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තවුහීත් ජමාත් සංවිධානය ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට පොලීසිය කළ දැනුම්දීමට අනුව, හෙට දිනයේ සිකුරාදා දේව මෙහෙය කඩිනමින් අවසන් කිරීමට තීරණය කළ බව කොළඹ දවටගහ ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන පූජක මොහොමඩ් ඉක්බාල් ප්‍රකාශ කළා.

එවැනි ප්‍රහාරයකට අදාළව බුද්ධි තොරතුරු පොලීසිය වෙත ලැබී ඇති බවට ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු දැනුම් දුන් බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පූජකතුමන් කියා සිටියේ.

සූෆී හෙවත් අවුලියා දේවස්ථානය වෙත ප්‍රහාර එල්ල කිරීමට තවුහීත් ජමාත් සංවිධානය සූදානම් වන බවටයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.

මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන 29 ක මවුලවිවරු අද පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ.පී. ධම්මික වීරසිංහ වෙත අද සංදේශයක් ද භාර දුන්නා.

ඒ පොළොන්නරුවේ තවුහීත් ජමාත් සංවිධානයට අයත් මුස්ලිම් දේවස්ථාන තුන සහ  දිවයිනේ පිහිටි එම සංවිධානයට අයත් දේවස්ථාන වහා තහනම් කරන ලෙස ඉල්ලමින්.

මේ අතර, පසුගියදා කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සාධාරණීකරණය කර වීඩියෝවක් සමාජ ජාලා මාධ්‍ය වෙත මුදාහළ වව්නියාව සහ සෙට්ටිකුලම ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක මවුලවිවරයා සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මිනිත්තු 8 ක වීඩියෝවක් වන එය මුදා හල වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචි එෆ්.නවුමාන් නමැති සැකකාර මවුලවිවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

එමෙන්ම, අදාළ පිපිරීම් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර තිබූ වෑන් රථයක් සහ යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගත් මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේ මවුලවිවරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා දින 3 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අද අවසර ලබාදුන්නා.

පෙරේදා රාත්‍රියේ වරකාපොල - අගුරුවැල්ල පාරේ - මස්ජිත් මාවතේ නිවසක සගවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ට්‍රේල් වර්ගයේ යතුරුපැදිය සහ කළු පැහැති වෑන් රථයක් අත්අඩංගුවට ගත් අතර, මවුලවිවරයා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සිදුකළ සැකකරුගේ පියා වන ඊබ්‍රාහිම් නමැති ව්‍යාපාරිකයා තමන් හදුනන බවයි.

අදාල වෑන් රථය සහ යතුරුපැදිය මෙන්ම, අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රහාරයට සම්බන්ධ වූයේ ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකල යුතු බවයි වරකාපොල පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් ඉල්ලා සිටියේ හෙට දිනයේදී මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන ජුම්මා යාග මෙහෙයන් නොපැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර, ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පසුගියදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අධ්‍යයනයකින් පසු සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්, සංවිධාන හෝ ආයතන සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට අපේක්ෂා කරන බවයි.

පාස්කු ඉරිදා දින සිදුවූ අනපේක්ෂිත සහ අවසනාවන්ත සිදුවීමෙන් පසු ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 10,000 කට අධික පිරිසක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2000 කට වැඩි පිරිසක් යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

අදාළ ප්‍රහාර මාලාවෙන් පසු කඩිනමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඇතැම් ත්‍රස්තවාදීන් ජීවග්‍රහනයෙන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවත්, ඔවුන්ට ආරක්ෂාව සැලසූවන් සහ රැඳී සිටි වාසස්ථාන පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ආරක්ෂක අංශ මෙහෙයුම් කටයුතු වලට අදාළව ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරනු ලබන කෙටි පණිවුඩ, කටකතා හා වෙනත් අවිධිමත් සන්නිවේදනයන් හේතුවෙන් මහජනතාව දැඩි කලබලයකට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ල ත්‍රිවිධ හමුදා ප්‍රකාශකවරුන් විසින් සිදු කරන ප්‍රකාශ හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළ නිල පුවත් පමණක් පිළිගන්නා ලෙසයි.

මේ අතර දෙවන පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම දිවයිනේ සියලු පාසල් සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ වල සහභාගිත්වයෙන් විශේෂ ක්‍රියාන්විතයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එළඹෙන 29 වැනි සඳුදා දින දෙවන පාසල් වාරය ආරම්භ වන අතර ඊට ප්‍රථම මෙම ක්‍රියාන්විත සිදු කිරීමට නියමිතයි.

මේ අතර දැනට රට තුල උද්ගත වී ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ඩ්‍රෝනයානා ඇතුලු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළා.

ඊට අදාළව එම ආයතනය විසින් දැනට නිකුත් කර ඇති සියලු බලපත්‍රද මේ යටතේ අවලංගු බව මෙම නිවේදනයේ සඳහන්. මේ අතර, ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පසුගියදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අධ්‍යයනයකින් පසු සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්, සංවිධාන හෝ ආයතන සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට අපේක්ෂා කරන බවයි.

පාස්කු ඉරිදා දින සිදුවූ අනපේක්ෂිත සහ අවසනාවන්ත සිදුවීමෙන් පසු ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 10,000 කට අධික පිරිසක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2000 කට වැඩි පිරිසක් යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

අදාළ ප්‍රහාර මාලාවෙන් පසු කඩිනමින් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඇතැම් ත්‍රස්තවාදීන් ජීවග්‍රහනයෙන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බවත්, ඔවුන්ට ආරක්ෂාව සැලසූවන් සහ රැඳී සිටි වාසස්ථාන පොලිස් භාරයට ගැනීමට හැකිවූ බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ආරක්ෂක අංශ මෙහෙයුම් කටයුතු වලට අදාළව ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරනු ලබන කෙටි පණිවුඩ, කටකතා හා වෙනත් අවිධිමත් සන්නිවේදනයන් හේතුවෙන් මහජනතාව දැඩි කලබලයකට පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ල ත්‍රිවිධ හමුදා ප්‍රකාශකවරුන් විසින් සිදු කරන ප්‍රකාශ හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් තහවුරු කළ නිල පුවත් පමණක් පිළිගන්නා ලෙසයි.

මේ අතර දෙවන පාසල් වාරය ආරම්භවීමට ප්‍රථම දිවයිනේ සියලු පාසල් සහ ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ වල සහභාගිත්වයෙන් විශේෂ ක්‍රියාන්විතයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එළඹෙන 29 වැනි සඳුදා දින දෙවන පාසල් වාරය ආරම්භ වන අතර ඊට ප්‍රථම මෙම ක්‍රියාන්විත සිදු කිරීමට නියමිතයි.

මේ අතර දැනට රට තුල උද්ගත වී ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි ඩ්‍රෝනයානා ඇතුලු සියලුම මාදිලියේ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවනු ලබන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළා.

ඊට අදාළව එම ආයතනය විසින් දැනට නිකුත් කර ඇති සියලු බලපත්‍රද මේ යටතේ අවලංගු බව මෙම නිවේදනයේ සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories