මිය ගිය සංඛ්‍යාව 253 දක්වා අඩුවෙයි

Friday, 26 April 2019 - 7:52

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+253+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පසුගිය 21 වන දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ සියළු ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 359ක් නොව 253ක් ලෙස සංශෝධනය විය යුතු බවයි.

ප්‍රහාර නිසා මිය ගිය සංඛ්‍යාව ඊට පසුදින 280කට වැඩි සංඛ්‍යාවක් ලෙස සටහන් වූ අතර, මඩකලපුව ශික්ෂණ රෝහලේ 26ක්, මීගමුව මූලික රෝහලේ 102ක්, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ 7ක්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 3ක් සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ 140ක් ලෙස මළ සිරුරු පැවති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

කෙසේ නමුත්, මෙවැනි බෝම්බ පිපිරීම්වලදී මිය යන ඇතැමුන්ගේ ශරීර විශාල වශයෙන් හානියට ලක්වන අතර ඇතැම් සිරුරු කොටස්වලට කැඩී සම්පූර්ණ සිරුරු වශයෙන් හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මේ අනුව මරණ සංඛ්‍යාව නිශ්චිත වශයෙන් ගණනය කිරීමේ අසීරුතාවක් පවතින බැවින් මරණ සංඛ්‍යාව සෑම දිනකම ප්‍රකාශයට පත් කර ඇත්තේ ආසන්න අගයක් ලෙසයි.

එමෙන්ම මෘත ශරීරාගාරවලට රැගෙන එන මෘත දේහ නිදහස් කිරීම ද සංකීර්ණ වී තිබෙනවා.

විශේෂයෙන් මිය ගිය විදේශිකයන් හඳුනා ගැනීමේ ගැටළු ද පවතින බව සදහන්. මේ අනුව එම සංකීර්ණ ක්‍රියාවලිය තුළ කැබලි වූ සිරුරුවල තක්සේරුව නිවැරදි කිරීම හේතුවෙන් ඊයේ වන විට එම මරණ සංඛ්‍යාව 253ක් ලෙස ආසන්න වශයෙන් පැවසිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories