මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ඕස්ට්‍රේලියාවේත් අධ්‍යාපනය ලැබූ බව තහවුරු වෙයි

Friday, 26 April 2019 - 8:19

%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පසුගිය ඉරිදා මෙරට දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගත් එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු  ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තහවුරු කළා.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් නැමති ඔහු  ඕස්ට්‍රේලියාවේ - මෙල්බර්න් නුවර ස්වින්බර්න් සරසවියේ 2009 වසරේ සිට 2013 වසර දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර, ඔහුගේ සැක කටයුතු සබඳතා පිළිබඳව එරට ආරක්ෂක අංශවල ද පරීක්ෂාවට ලක්වී තිබෙනවා.

එංගලන්තයේදී ද අධ්‍යාපනය ලබා ඇති ඔහු  ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ පශ්චාත් උපාධිය ලබා ගැනීමටයි.  

ඕස්ට්‍රේලියාවේදී අන්තවාදී ආගමික අදහස්වලට නැඹුරුවූ ඔහු මුළුමනින්ම වෙනස් පුද්ගලයෙකු වී ඇති බවයි ඔහුගේ සොහොයුරිය එරට පුවත්පතකට සදහන් කර ඇත්තේ.

සිය ඉලක්කය වැරදීමෙන් අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්, දෙහිවල සත්ත්වෝද්‍යානය ඉදිරිපිට ලැගුම්හලකදී බෝම්බය පුපුරුවාගෙන ජීවිතක්ෂයට පත්වුණා.

ඒ, ඔහු පරීක්ෂාවට ලක් කිරීමට සූදානම් වද්දීයි.

ලතීෆ්, 2006 සහ 2007 වසරවලදී සිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ බව බ්‍රිතාන්‍ය කිංග්ස්ටන් සරසවියේ උපකුලපති ජුලියස් වෙයින්බර්ග් ද තහවුරු කළා.

අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්  පිළිබදව බ්‍රිතාන්‍ය සරසවිය තුළ ද සැකයක් මතු වී තිබූ අතර, ඔහු ත්‍රස්තවාදයට යොමු විය හැකි බවට අනාවැකි පළ වූ බවයි උපකුලපතිවරයා සඳහන් කළේ.

කෙසේ නමුත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීම සඳහා ඔවුන්ගේ මත යටපත් කිරීමට සරසවිය කටයුතු නොකළ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories