හිටපු ආරක්ෂක ප්‍රධානීන් දුන් ආරක්ෂක වාර්තාව විපක්ෂ නායක ජනපතිට භාරදෙයි

Saturday, 04 May 2019 - 12:50

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A++%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබද යෝජනා ඇතුළත්ව සකස් කළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගන්වා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී අදාළ වාර්තාව ජනාධිපතිවරයාට පිළිගැන්වූ බවයි.

එම වාර්තාව පෙරේදා විපක්ෂ නායකවරයා වෙත භාර දෙනු ලැබුවා.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට ජනාධිපතිවරයා පසුගිය 22 වන දා මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළා.

එම කමිටුවේ අතුරු වාර්තාවක් ජනාධිපතිවරයා වෙත පසුගිය බදාදා භාර දුන් අතර, අවසන් වාර්තාව ලබන සතියේ භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.  

අදාළ වාර්තාව ලැබීමත් සමඟම එම තොරතුරු සියලූ පාර්ශවයන්ට නිරාවරණය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට පෙර ප්‍රකාශ කළා.

එමෙන්ම, එම වාර්තාව ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඉදිරි ආරක්ෂක වැඩපිලිවෙල ක්‍රියාවට නංවන බවත් ජනාධිපතිවරයා කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories