වෙසක් සැමරුම ගැන සාකච්ඡාවක් හෙට

Sunday, 05 May 2019 - 7:22

%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7
රටේ පවතින තත්ත්වයත් සමඟ රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට බුද්ධශාසන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙන්ම බුද්ධශාසන, සංස්කෘතික, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහභාගිවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බුද්ධශාසන අමාත්‍යාංශයේදී හෙට උදෑසන 09 ට මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ රට තුළ උද්ගතව ඇති තත්ත්වයත් සමඟ වෙසක් උත්සවය පිළිබඳව සාකච්ඡා කිරීමට බෞද්ධ උපදේශක සභාවද අනිද්දා රැස්වීමට නියමිතයි.

බෞද්ධ කටයුතු පිළිබඳව තීන්දු තීරණ ගැනෙන මෙම සභාව සඳහා මල්වතු - අස්ගිරි ඇතුළු මහා සංඝරත්නය ඇතුළු භික්ෂූණ් වහන්සේලා මෙන්ම බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්, ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල නියෝජිතයින් එක්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories