ජනාධිපතිවරණයට පෙර ත්‍රස්තවාදය මුලිනුපුටා දමන බව ජනපති කියයි

Sunday, 05 May 2019 - 7:41

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මේ වසර අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආරක්ෂක හමුදා විසින් ත්‍රස්තවාදය මුලිනුපුටා දමා ස්ථාවරත්වය ඇති කිරීමට සමත්වනු ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සියලූදෙනා ග්‍රහණයට හසුකරගැනීමට ද ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් ලබාදුන්නා.

රොයිටර් පුවත් සේවය සමඟ ඊයේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

‘‘මැතිවරණ කල් දැමිය නොහැකියි. ඒ නිසා ඊට පෙර ස්ථාවරත්වයක් ඇති කළ යුතුයි.’’ ඒ සඳහා තමා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායමේ සියලූ ක්‍රියාකාරී සාමාජිකයන් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. ආරක්ෂක අංශ මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. එවැනි ක්‍රියාකාරී ත්‍රස්ත සාමාජිකයන් 25 ත් 30 ත් අතර සංඛ්‍යාවක් තවමත් නිදැල්ලේ සිටින බව මෙන්ම, අප්‍රේල් 21 ප්‍රහාරය සඳහා අයි.එස්. සම්බන්ධයක් පවතින බව තමා විශ්වාස කරන්නේ යැයි ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන රොයිටර් සමඟ සාකච්ඡාවේදී සඳහන් කළා.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories