මධුෂ් තවමත් CIDයේ

Monday, 06 May 2019 - 7:55

%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B7%82%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+CID%E0%B6%BA%E0%B7%9A
ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කළ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගෙන් පැය 24කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ දැනට ක්‍රියාත්මක රෙගුලාසි යටතේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමට හැකියාවක් පවතින බවයි.

මනුෂ්‍ය ඝාතන ඇතුලු දරුණු අපරාධ රැසකට සම්බන්ධ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඊයේ (05) අලුයම 5 ට පමණ කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් භාරයට ගැණුනු අතර ඉන් අනතුරුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඔහු භාර දෙනු ලැබුවේ.

මධුෂ් විසින් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රයට අනුව ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය අජිත් එරංග නමින් පෙනී සිට ඇති අතර, ඔහුගේ උපන් දිනය ලෙස දක්වා තිබුණේ 1979 පෙබරවාරි 20 වනදා ලෙසයි.

එම ගුවන් ගමන් බලපත්‍රය 2015 වසරේ අප්‍රේල් 30 වනදා නිකුත් කරන ලද්දක් බවද අනාවරණ වී තිබෙනවා.

ඩුබායි හි සාදයකදී පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලු 31 දෙනෙකු අත්අඩංගුවට පත්වුයේ පසුගිය පෙබරවාරි 5 වනදායි.

අත්අඩංගුවට පත්වූ පිරිස අතර ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්, ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වැන්රූයන් ද සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories