බිමත් රියදුරා උදුරා ගත් මල් කැකුල

Tuesday, 07 May 2019 - 12:57

%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%94%E0%B6%BD
හබරණ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ සිදුවූ අනතුරකින් වයස අවුරුදු 10 කුඩා දරුවෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්ගය අසල රැඳී සිටි මෙම දරුවා මාර්ගයේ ගමන් කළ සෆාරි ජීප් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මුලික පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට අනතුර සිදුකළ ජීප් රථය සංචාරක හෝටලයක් පිටුපස තිබී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

සිද්ධියට සැකපිට ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (07) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories