සරණාගතයින් රැගෙන එනවාට අම්බලන්තොට හර්තාල්

Wednesday, 08 May 2019 - 10:09

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A
අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා දිවයින පුරා සිදුකරන මෙහෙයුම් අද දිනයේත් ක්‍රියාත්මකයි. මේ අතර, ඊයේ රාත්‍රියේ මාතලේ - වරකාමුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතලේ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳන් කළේ ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සංවිධානයට සම්බන්ධ 5 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

නාම පුවරුවක් සවි කිරීමට යාමේදී මෙම පිරිස සහ තවත් මුස්ලිම් ජාතිකයින් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හට ගත්තා.

කෙසේ වෙතත්, පසුව පොලීසිය පැමිණ තත්ත්වය සමතයකට පත් කර ගනු ලැබුවා.

වව්නියාව - සාලම්බකුලම් ගම්මානයේ පාළු නිවසක තිබී හැඳුනුම්පත් 15 ක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

වව්නියාව - මන්නාරම මාර්ගයේ පිහිටි මෙම ගම්මානය ඊයේ පස්වරුවේ ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසි මෙහෙයුමකට ලක් කළ අතර, එහිදී ඉටි කවරයකින් ආවරණය කරන ලද තැටියක් තුළ තිබියදීයි මේවා සොයා ගෙන ඇත්තේ.

මේ වනවිට එම හැඳුනුම්පත්වල හිමිකරුවන් සොයා පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

අනුරාධපුර - පරසන්ගස්වැව ප්‍රදේශයේ පොලීසිය සහ යුද හමුදාව ඊයේ සිදුකළ මෙහෙයුමකදී ප්‍රදේශයේ කුකුළු ගොවිපොලවල් පවත්වාගෙන යන මුස්ලිම් ජාතිකයෙකු සතුව තිබී විද්‍යුත් උපකරණ තොගයක් සොයා ගෙන තිබුණා.

ඒ අතර, ස්කෑන් යන්ත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු තවත් විද්‍යුත් උපකරණ තොගයක් ඔහු සතුව තිබී සොයා ගෙන තිබෙනවා.

පේරාදෙණිය - කළුගමුව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදුකළ වැටලීමකදී කඩු 5 ක්, පිහි 7 ක් සහ කැත්තක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

නාවලපිටිය ප්‍රදේශයෙන් ගලා බසින මහවැලි ගඟ අසල තිබී කඩු 2 ක්, පිහි 6 ක්, වයර් රෝල් 2 ක් සහ අත්පොරවක් සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.

රාජගිරිය ප්‍රදේශයේ ඊයේ සිදුකළ වැටලීමකදී මුස්ලිම් අන්තවාදී දේශන අඩංගු යැයි සැකකරන කැසට් පට 14 ක්, කතෝලික දේවස්ථානයක ඡායාරූප ඇතුළත් පත්‍රිකාවක් සහ ජංගම දුරකථනයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අම්බලන්තොට නගරයේ මේ වනවිට හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මකයි.

නගරයේ කළුකොඩි ඔසවා ඇති අතර වෙලඳසැල් ද වසා දමා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.

රිදීගම රජයේ පුනරුත්ථාපන නිවර්තන රැඳවුම් මධ්‍යස්ථානයට පාකිස්ථානු සරණාගතයින් පිරිසක් ගෙන ඒමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කරන බවට චෝදනා කරමින් ඔවුන් මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා.

මීට විරෝධය පළ කරමින් ඊයේ දිනයේදී ප්‍රදේශවාසීන් එම රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරියෙකුට ලිපියක් ද භාර දුන්නා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories