ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීම කඩිනමින්

Wednesday, 08 May 2019 - 12:48

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%96%E0%B7%84%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය ප්‍රතිව්‍යූහගත කිරීම, ආයතනික ප්‍රතිව්‍යූහගත කිරීම සහ ස්වාධීන ප්‍රසම්පදාන ක්‍රියාවලියක් සහතික කරවීම ඇතුළු නිර්දේශ ගණනාවක් මෙහි අන්තර්ගතයි.

එමෙන්ම, රාජ්‍ය තාන්ත්‍රික, විශේෂ හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමියන් වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා බහරේන් රාජ්‍යය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසිනුයි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

මේ අතර, ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 50 කින් යුත් බස් රථ 272 ක් මිලදී ගැනීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද අනුමැතිය හිමිව තිබෙනවා.

වසර 5 කින් ගෙවිය යුතු කල්බදු පදනම යටතේ රුපියල් මිලියන 3264 ක මුදලකට මෙම බස් රථ පෞද්ගලික සමාගමක් මගින් මිලදී ගැනීමට නියමිතයි.

ඊට අමතරව ආසන 33කින් යුත් සුඛෝපභෝගි බස් රථ 53ක් මිලදී ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.

රුපියල් මිලියන 444ක මුදලක් වැය කරමිනුයි මෙම බස් රථ ගෙන්වනු ලබන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories