ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට යළි චෝදනා

Wednesday, 08 May 2019 - 12:52

%E0%B6%8C%E0%B7%80+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් අනිද්දා වියට්නාමයේ සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බවට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න චෝදනා කරනවා.

ඌව පළාතේ පළාත් පාලන ආයතනවල විදුලි පහන් ව්‍යාපෘතියක් සඳහා මෙම සංචාරය සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත්, මෙම සංචාරය සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් සභාවෙන් මුදල් ලබාගෙන ඇති බවටයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ පළාත් සභාවෙන් කිසිදු මුදලක් මෙම සංචාරය සඳහා ලබා නොගත් බවයි. එමෙන්ම, මෙම සංචාරය සම්බන්ධයෙන් අප ඌව පළාත් ප්‍රධාන ලේකම් පී. බී. විජේරත්නගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මෙය පෞද්ගලික සංචාරයක් වන අතර ඊට ඔවුන් සිය පෞද්ගලික නිවාඩුද අනුමත කරගෙන ඇති බවයි.

මෙම සංචාරය සඳහා පළාත් සභාවෙන් මුදල් ඉල්ලූ නමුත් ඊට අනුමැතිය ද හිමි නොවූ බවද පළාත් ප්‍රධාන ලේකම්වරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories