ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් තොගයක් ප්‍රවාහනය කළ ලොරියක් අත්අඩංගුවට

Wednesday, 08 May 2019 - 16:15

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සීදුව මුතුවාඩිය ප්‍රදේශයේදී  ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව අද (08) දින සිදුකළ මෙහෙයුමක් අතරතුරදියි මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

එහිදී ලොරි රථයේ තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 1000කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙම ලොරිය වලපනේ සිට සීදුව දක්වා ධාවනය කරමින් තිබු බවයි මුලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories