විපක්ෂ නායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

Wednesday, 08 May 2019 - 19:02

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව විපක්ෂය ඉල්ලා සිටි විවාදය තුන්වන දිනටත් පැවැත්වීමට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.

ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකමතිකව තීරණය කරනු ලැබුවේ හෙට දිනයේත් මෙම විවාදය පැවැත්වීමටයි.

මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සහ විමර්ශනයක් කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ, අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories