පාස්කු ඉරිදා ප්‍රහාරයට වක්‍රව සහය වූවන් සොයා විමර්ශනයක්

Thursday, 09 May 2019 - 7:28

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට වක්‍රව සම්බන්ධ වූවන් සොයා විමර්ශනයක්  ආරම්භ කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධියට ඍජුවම සම්බන්ධ වූවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන්ගෙන් බෝම්බ පිපිරවීම්වලට වක්‍රව සම්බන්ධ වූවන් පිළිබඳව අනාවරණ කරගත හැකි බවයි එම නිලධාරියා සඳහන් කළේ.

මේ වනවිටත් ප්‍රහාරවලට සම්බන්ධ 56 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර, තවත් පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේයි පසුවන්නේ.

එමෙන්ම මාළිගාවත්ත - ජුම්මා පල්ලිය අසළ ළිඳක තිබී ඊයේ් චීන කඩු 46 ක්, ඇතුලූ කඩු 58 ක්, ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත්තා.  

මේ අතර ගාල්ල - රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේ ඊයේ කළ සෝදිසි මෙහෙයුමකදී නින්ජා වර්ගයේ පිහි ඇතුලූ පිහි 11 ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩුදෙන තොරතුරක් දැනුම්දීමට ඇත්නම් දුරකථන අංක 1 1 3 මගින් තම මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය අමතන ලෙසට යුද හමුදාව දැනුම් දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories